26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගාසා තීරයේ දරුවන් 614ක් මරුට

ගාසා තීරයේ දරුවන් 614ක් මරුට

ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 1,900ට වඩා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් අතර ළමුන් 614 ක් සහ කාන්තාවන් 370 ක් සිටින බවයි.

මේ වන විට ගාසා තීරයේ අන්තර්ජාල සබඳතාද අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය අපේක්ෂිත ගොඩබ්ම් ප්‍රහාරයට පෙර ගාසා තීරය වැටලීමට ද පියවර ගත්තා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අතුරුදන් වූ සිය ගණනක් ඊශ්‍රායල ජනතාවගේ ද මළසිරුරු සොයා ගැනීමට එහිදී සෙබළුන්ට හැකි වූ බවයි.