28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොත්තමල්ලි පෙන්වා බීඩි කොළ ගෙන්වූ අයට වැඩ වරදී

කොත්තමල්ලි පෙන්වා බීඩි කොළ ගෙන්වූ අයට වැඩ වරදී

කොත්තමල්ලි යැයි පවසමින් මෙරටට ගෙන්වූ බීඩි කොළ බහාලුම් දෙකක් රේගු භාරයට ගෙන තිබෙනවා.

මෙම බීඩිකොළ අඩංගු බහාලුම් ඉන්දියාවේ සිට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ බහාලුම් දෙක අද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ නිරීක්ෂණයට ද ලක් වුණා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම බහාලුම් දෙක තුළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 11.460ක් තිබූ බවයි.

රුපියල් මිලියන 70ක බදු මුදලක් ඒ වෙනුවෙන් අය විය යුතු වුව ද ඒවා කොත්තමල්ලි ලෙස ආනයනය කර තිබීම හේතුවෙන් අය කෙරෙන බදු මුදල රුපියල් ලක්ෂ තුනක් පමණ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

රේගු නිලධාරීන්ගේ දක්ෂතාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ අවස්ථාවේ සිට ප්‍රකට වෘත්තිකයකු එය නිදහස් කර ගැනීම සඳහා විවිධ බලපෑම් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එබැවින් ඒ පිළිබඳ විමර්ශන අල්ලස් කොමිසම වෙත පැවරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වධාරණය කළේ.