28.4 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබීටාගේ සහයෙන් කේරළ ගංජා තොගයක් අල්ලයි

බීටාගේ සහයෙන් කේරළ ගංජා තොගයක් අල්ලයි

නීතිවිරෝධී ලෙස කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

කිලිනොච්චිය ගනේෂපුරම් අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදීයි මෙම ගංජා තොගය පොලිසිය හසුවුණේ.

ඊට පොලිස් නිල සුනඛ බීටාගේ සහයෝගයද ලැබී තිබෙනවා.

සැකකරු සතුව තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 740 ක් පොලිස් භාරයට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මරුදන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.