32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කෙරුණා – මුදල් රාජ්‍ය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කෙරුණා – මුදල් රාජ්‍ය අමාත්‍ය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ පළමු සමාලෝචනය අවසන් කරමින් ඇති කරගත් කාර්යමණ්ඩල එකඟතාව, බහුපාර්ශ්වික ණය හිමියන්ගේ හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමට උපකාරී වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල එකඟතා ගිවිසුම අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන වාරිකය ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.