28.4 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනඩු භාණ්ඩ කාමරයෙන් තඹ රෝල් පැන්නූ අයෙක් රිමාන්ඩ්

නඩු භාණ්ඩ කාමරයෙන් තඹ රෝල් පැන්නූ අයෙක් රිමාන්ඩ්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 02 අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ කිලෝග්‍රෑම් 08ක් බර තඹ කම්බි රෝල් තුනක් රැගෙන අධිකරණ පරිශ්‍රයේ ප්‍රධාන ගේට්ටුවෙන් පැනයාමට තැත්කළ අයෙක් ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (20) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගෝතමී පාර, බොරැල්ල, පදිංචි බෙනඩික් ඇන්තනි නොහොත් ‘රන්මල්ලී’ නමැති අයෙක්.

සැකකරු ඔහුගේ බිරිඳට ඇප තැබීමට අධිකරණයට පැමිණ ඇති අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී තිබෙනවා.

සැකකරු ඊයේ සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව අසලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තඹ කම්බි රෝල් සහිත පොහොර උරයක් රැගෙන පලායෑමට තැත් කිරීමේදීයි.