― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිසියෙන් එන බව පවසා නිවසින් පලා ගිය තරුණයාගේ සිරුර කොහිල වලක

පොලිසියෙන් එන බව පවසා නිවසින් පලා ගිය තරුණයාගේ සිරුර කොහිල වලක

පොලිසියෙන් එනවා “යැයි පවසමින් පෙරේදා (18) රාත්‍රී නිවසින් පලා ගිය 29 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුර නිවසට කිලෝමීටරයක් පමණ දුරින් ඇති කොහිල වලක තිබියදී සොයුරා විසින් ඊයේ (19) රාත්‍රී සොයාගෙන තිබෙනවා. මෙම මරණය සැක සහිත බවටයි ඥාතීන් පවසන්නේ.

මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි විවාහක තරුණයෙක්.

මෙම තරුණයාට අධිකරණ වරෙන්තුවක් තිබී ඇති අතර ඔහු නිරන්තරයෙන් “අම්මේ පොලිසියෙන් එයිද දන්නෑ මාව ගෙනියන්න” යනුවෙන් තමා සමග ප්‍රකාශ කළ බවයි මව ප්‍රකාශ කර ඇත්තේ.

මියගිය තරුණයා මිතුරෙකු සමග ඔහුගේ නිවසේ සිටියදී බල්ලන් බුරන හඬ ඇසීමත් සමගම පළා ගොස් තිබු බව පොලිසිය ප්‍රකාශ කළා.

සොයුරා නිවසින් පලා ගොස් යළි නිවසට නොපැමිණි බවට මව විසින් කළුතර ප්‍රදේශයේ සිටින වැඩිමහල් පුතුට දැනුම් දීමෙන් පසු ඔහු පැමිණ ගම්වාසින් සමඟ සොයා බැලීමේදීයිනිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කොහිල වලක පාවෙමින් තිබියදී මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මළ සිරුර වැටී තිබූ වල අවට කැලෑව තැලී පොඩි තිබෙන ආකාරය දර්ශනය වන බව සඳහන්.

සිරුර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි