― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldආධාර රැගත් ට්‍රක් රථ පෙළක් ගාසා තීරයට ඇතුළු වෙයි

ආධාර රැගත් ට්‍රක් රථ පෙළක් ගාසා තීරයට ඇතුළු වෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භ වූ පසු පළමු වරට ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊජිප්තුවේ සිට රෆා දේශසීමා හරහා මෙම ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු වූ බවයි.

එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඊජිප්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධව සිදුකළ තීව්‍ර සාකච්ඡාවලින් පසුව, ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා හරස් මාර්ගය ඔස්සේ ආධාර රැගත් ට්‍රක් රථ 20 කට ගාසා තීරයට ඇතුළුවීමට මෙලෙස ඉඩ දී තිබෙනවා.

මෙම ආධාර යටතට වෛද්‍ය සැපයුම් ද ඇතුළත්වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩ්නොම් ගේබ්‍රියාසිස් සඳහන් කළේ ගාසා තීරයට යවන වෛද්‍ය සැපයුම්වල කම්පන සහ නිදන්ගත රෝග සඳහා ඖෂධ සහ මූලික අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත් බවයි.

මේ අතර මෙම බෙදාහැරීම ගාසා තීරයේ ජනතාවට ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමේ තිරසාර ප්‍රයත්නයක ආරම්භය වනු ඇතැයි විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සහ හදිසි සහන ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් පැවසුවා.