29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලයිට් බිල වැඩි වුනත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි වෙන්නේ නැහැ

ලයිට් බිල වැඩි වුනත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි වෙන්නේ නැහැ

රජය විසින් විදුලි බිල වැඩිකළ ද මෙම අවස්ථාවේ දී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (21) මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ බේකරි කර්මාන්තයට සහ නිෂ්පාදනවලට අදාළ බදු සහන රජය විසින් වහා ලබා දිය යුතු බවයි.

මේ සම්බන්ධෙන් ඉදිරියේ දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

විදුලි බිල වැඩිවීම පදනම් කරගෙන මෙවර බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොගියද, තවදුරටත් කර්මාන්තයට අදාළ මොනයම් හෝ බදු වැඩිවීමක් සිදු වුවහොත් පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.