― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldගුවන් ප්‍ර+හාර මධ්‍යයේ ගාසා තීරයේ වැසියන්ට ඉවත් වීමේ අනතුරු ඇඟවීම්

ගුවන් ප්‍ර+හාර මධ්‍යයේ ගාසා තීරයේ වැසියන්ට ඉවත් වීමේ අනතුරු ඇඟවීම්

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර තීව්‍ර කරන බවට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, අනුව තවමත් උතුරු ගසා තීරණයේ රැඳී සිටින පලස්තීනුවන්ට එම ප්‍රදේශවලින් ඉවත්ව දකුණට පලා යන ලෙස අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයට එක රැයකින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 55 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය දියත් කර සති දෙකක් ගතවන් වකවානුවක ගාසා තීරයේ 4300කට වැඩි පිරිසක් ඝාතනය වී ඇති බවයි පලස්තීන බලධාරීන් පවසන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියට අනුව, ගාසා තීරයේ රෝහල්වල සිටින අලුත උපන් බිළිඳුන් අවම වශයෙන් 120 දෙනෙකුගේ පමණ ජීවිත අවදානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 07 වනදා සිට ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායල ප්‍රහාර දියත් කිරීමෙන් දැනටමත් ළමුන් 1,700 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.