23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසුප්‍රසිද්ධ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු දිවිසැරිය නිම කරයි

සුප්‍රසිද්ධ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු දිවිසැරිය නිම කරයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බිෂාන් සිං (Bishan Singh Bedi) අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බිෂාන් අභාවප්‍රාප්ත වන විට 77 හැවිරිදි වියෙහි පසුවුණා.

බිෂාන් යනු කලක් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ වමත් දඟ පන්දු යවන්නෙක්.

දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටි බිෂාන් යනු තරග 22ක දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දුන් අයෙක්.

මෙම ක්‍රීඩකයා වර්ෂ 1967 සිට 1979 දක්වා සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරමින්, ටෙස්ට් තරග 67ක දී කඩුලු 266ක් දවාගෙන තිබෙනවා.

ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 10කට ක්‍රීඩා කර ඇති ඔහු එක්දින කඩුලු 7ක් දවා ගෙන තිබෙනවා.