නව සැපයුම් නොලැබුණහොත් අද (25) රාත්‍රිය වනවිට ගාසා හි ඉන්ධන අවසන් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කොට සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , දැනටමත් රෝහල්වල අසාධ්‍ය අවස්ථා සඳහා පමණක් සේවාවන් සපයන බවයි .
ගාසා තීරයේ ඉන්ධන ඇති නමුත් එය හමාස් සංවිධානය විසින් ගබඩා කරගෙන සිටින බවයි ඊශ්‍රායලය ප්‍රකාශ කොට සිටින්නේ.