26.1 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාසල්රී ජලාශය පිටාර මට්ටමට

කාසල්රී ජලාශය පිටාර මට්ටමට

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

කාසල්රී ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර අද (25) උදෑසන වනවිට එම ජලාශයේ ජල මට්ටම අඩි 153 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

කාසල්රී ජලාශයේ ජල ධාරිතාව 90% දක්වා ඉහළ ගොස් ඇති නිසා විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත් පවතින අධික වර්ෂාව තව දින කිහිපයක් පැවතිය හොත් එම ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිය හැකි බවත් ජලාශ භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.