― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsහරක් කටා හා කුඩු සලිඳුගේ පෙත්සම් ගැන නීතිපතිගෙන් ඉල්ලීමක්

හරක් කටා හා කුඩු සලිඳුගේ පෙත්සම් ගැන නීතිපතිගෙන් ඉල්ලීමක්

සිය ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන හරක් කටා සහ කුඩු සලිඳු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් කඩිනමින් විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

අදාළ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දියි මෙම ඉල්ලීම නීතිපතිවරයා විසින් සිදු කරනු ලැබුවේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න විරෝධය පළ කළා. මෙම පෙත්සම් ගොනුකොට මාස කීපයක් ගත වී තිබුණ ද ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය මෙතෙක් පියවර ගෙන නැතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා චෝදනා කර සිටියා.

ඒ අනුව ‍මෙම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 27 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළ සීමිත විරෝධතා තිබේ නම්, ඒවා දෙසැම්බර් මස 01 වනදා ගොනු කරන ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කළා.