― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldගාසා තීරයේ ‘සිවිල් සාමය’ බිඳ වැටීම ඇරඹෙයි

ගාසා තීරයේ ‘සිවිල් සාමය’ බිඳ වැටීම ඇරඹෙයි

ගාසා තීරයේ ඇති ආහාර ගබඩාවලට දහස් ගණනක් මිනිසුන් කඩා වැදීමෙන් පසු ගාසා තීරයේ ‘සිවිල් සාමය’ බිඳ වැටීමට පටන් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) පැවසුවේ තිරිඟු, පිටි සහ අනෙකුත් සැපයුම් ගබඩා කිහිපයකින් කොල්ලකෑමට ලක්ව ඇති බවයි.

ගාසා තීරයේ මැද සහ දකුණු ප්‍රදේශවල ගබඩා කිහිපයකට සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන කිහිපයකට ඇතුළු වූ දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව තිරිඟු පිටි සහ සනීපාරක්ෂක සැපයුම් වැනි අනෙකුත් මූලික පැවැත්මේ ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගාසා තීරයේ බිඳවැටී තිබූ විදුලි සංදේශන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

මේ අතර ඊශ්‍රායල – හමාස් යුද ගැටුම දෙවැනි අදියරක් කරා යොමු වී ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසනවා.

මේ වනවිට ගාසා තීරයට ගොඩබිමෙන් ඇතුළු වූ ඊශ්‍රායල හමුදාවන් දින දෙකක සිට එහි රැඳී සිටිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමකයි ඊශ්‍රායල අගමැතිවරයා මේ බව පවසා ඇත්තේ.

ඊශ‍්‍රායලය සිය ගුවන් ප‍්‍රහාර තීව්‍ර කරමින් මෙහෙයුම්වල ඊළඟ අදියර කරා පැමිණීමත් සමඟ ගාසා තීරයේ යුද්ධය දිගු හා දුෂ්කර එකක් වනු ඇති බවයි අගමැති නෙතන්යාහු වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් පවසන්නේ ඊශ්‍රායලය සමඟ ක්ෂණික සිරකරුවන් හුවමාරුවක් සඳහා තම කණ්ඩායම සූදානම් බවයි.

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා සිට ආරම්භ වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 7,703ක් මිය ගොස් ඇති බවට වාර්තා වනවා.