29 C
Colombo
Saturday, December 9, 2023

ලෝක ටෙනිස් ශූර රෆායෙල් නඩාල් ගැන අසුබ ආරංචියක්

තමන්ට යළිත් සුපුරුදු පරිදි ක්‍රීඩා වැදීමට පැමිණීමට හැකි නිශ්චිත දිනයක් කිව නොහැකි බවට ලෝක ටෙනිස් ශූර රෆා‍යෙල් නඩාල් පවසනවා.

නඩාල් පෙන්වාදෙන්නේ තමන්ගේ උකුල් ආබාධයේ ශල්‍යකර්මයෙන් පසු තුවාල තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් ම සුවය වී නොමැති බැවින්, යළි පිටියට එක් වීම සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතභාවයක් බවයි.

ස්පාඤ්ඤ ටෙනිස් ක්‍රීඩකයෙකු මෙන් ම, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි කාලයක් මුල් පුටුව හෙබවූ තරුවක් නම්, ඒ නඩාල් බව ලොවට ම රහසක් නොවේ.

22 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා වන නඩාල් පසුගිය ජනවාරි මාසයේ දී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වූයේ ඇති වූ උකුල් ආබාධය හේතුවෙන්.

ඉන් පසුව එම ආබාධය දරුණු වූ හෙයින්, නඩාල් හට ජුනි මාසයේ දී ශල්‍යකර්මයකට ද භාජනය වන්නට සිදු වුණා.

ඒ හේතුවෙන් නඩාල් මෙම වසරට ඔහුට නියමිත ව තිබූ සියලු ම ජාත්‍යන්තර ටෙනිස් තරග කාලසටහනෙන් ඉවත් වූයේ දහසක් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ද සුන් කරමින්.

නමුත් මෙම මස මුල දී, ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අධ්‍යක්ෂ ක්‍රේග් ටයිලි පැවසුවේ නඩාල් එළඹෙන වසරේ දී යළිත් ක්‍රීඩාවට අවතීර්ණ වනු ඇති බවයි.

නමුත් එහිදී නඩාල්ගේ ස්පාඤ්ඤයේ නියෝජිත Benito Pérez-Barbadillo CNN වෙත පැවසුවේ නඩාල් ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නැති බවයි.

මෙවන් පසුබිමක් මතයි රෆායෙල් නඩාල් CNNE වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේ.

ඒ පෙර සඳහන් කළ පරිදි තමන්ගේ ශල්‍යකර්ම තුවාලය සම්පූර්ණයෙන් සුව වන දිනයක් නිශ්චිත නොවන බැවින්, ක්‍රීඩාවට යළි පැමිණීම තවත් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවනු ඇති බවයි.

තමන්ට තරග කිරීමට නම්; ශාරීරික යෝග්‍යතාව සියයට සියයක් ම යෝග්‍ය විය යුතු යැයි තමන්ට හැඟෙන බැවින් මෙම තීරණයට එළැඹි බව ද මෙම ටෙනිස් ශූරයා වැඩිදුරටත් කියා සිටියා.

Latest

පස් කණ්ඩියට යටවූ පිරිස බේරාගන්නා මෙහෙයුම

#karapitiya #hospital #sad #news #dasatha #thidasa #madyawediya #lk #srilanka...

ලංකාවේ උසම මඤ්ඤොක්කා ගහ බදුල්ලෙන් හමුවෙයි

#badulla #tree #worldrecord #news #haliela #voice #dasatha #madyawediya #srilanka...

කංචන සහ විමල් සැරටම අමතගනී

#vimal #kanchana #parliament #news #light #madyawediya #dasatha #thidasa #srilanka...

Don't miss

මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න

මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනි තැන වනිඳුට

ICC නවතම පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයට පත්වීමට වනිඳු හසරංග සමත් වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව සමඟ පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙනුයි...

සනත් ජයසූරියට ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට්...

මෙසී වසරේ මළල ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

Time සඟරාවේ වසරේ මළල ක්‍රීඩකයා ලෙස ආර්ජන්ටිනාවේ සහ inter Miami කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන Lionel Messi නම් කර තිබෙනවා. Messi ජූලි මාසයේදී Miami සමඟ එක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here