30 C
Colombo
Friday, December 8, 2023

කථානායක හා යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතර හමුවක්

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී තිබෙනවා.

යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති හයිඩි හෝටලා (Heidi Hautala) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කලාපයට අදාළ මෙම දූත පිරිසට පෝලන්තය, ෆින්ලන්තය, ජර්මනිය සහ ලිතුවේනියාව යන රටවලට අයත් සභිකයන් එක්ව සිටියා.

මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීම සදහා රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායකවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. එසේම දූෂණ විරෝධී පනත සම්මත කිරීම, මූල්‍ය පාලන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදබවකින් ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීම ආදී සාධනීය පියවර රැසක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ බව කථානායකවරයා සඳහන් කළා.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම, සියලු ජාතින් අතර සංහිඳියාව පවත්වා ගැනීම ඇතුලු කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක ද නිරත වී තිබෙනවා. අනතුරුව ඔවුහු ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරයන් හමු වූ අතර කථානායකවරයා සමග පාර්ලිමේන්තුවේදී දිවා භෝජනයට ද එක් වුණා.

Latest

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ මත්තේගොඩ...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත තුවක්කුවක් සහ උණ්ඩ 10ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පාතාල නායක 'අංගොඩ ලොක්කාගේ' බිරිඳ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here