25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන සුබ ආරංචියක්

ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන සුබ ආරංචියක්

මේ වනවිට ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාට රෆා දේශසීමා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර හිමිව ඇති බව වාර්තා වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා අද (02) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කළේ තානාපති කාර්යාලය මඟින් ඒ බව දැනුම් දී ඇති බවත්, අද (02) දහවල් 12.00 පමණ වනවිට මෙම පිරිසෙන් 15 දෙනෙක් ඊජිප්තුවට ඇතුළුවීමට නියමිත බවත්ය.

මේ අතර හමාස් ප්‍රහාරවලින් පසු අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර සති 03කට වැඩි කාලයකින් පසු පළමු වතාවට ඊජිප්තුව රෆා දේශසීමා මාර්ගය සිවිල් වැසියන්ට විවෘත වීමත් සමඟ 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකු ගසා තීරණයෙන් මෙලෙස පිටව ගොස් ඇති බවයි වාර්තා විදෙස් මාධ්‍ය අද (02) උදෑසන වන විට වාර්තා කර තිබුණේ.