― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeSportශ්‍රී ලංකාවට ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 92කින් ලකුණු 92ක් ලබා සිටියදී දිල්ෂාන් මදුෂංකගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඔහුගේ ලකුණු 92ට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුණා. විරාත් කෝලි ලකුණු 88යි .

ඔහුගේ ලකුණු 88ට හතරේ පහර 11ක් ඇතුලත්. ශ්‍රෙයාස් අයියර් ලකුණු 82යි.

පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක කඩුලු 5ක් බිඳහෙලුවා