30 C
Colombo
Friday, December 8, 2023

දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය ඥාතීන් රැගෙන යයි

මාස 06කට ආසන්න කාලයක් පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය යළි ඥාතීන් වෙත භාරදීම අද (04) දිනයේ සිදු කෙරුණා.

ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුවයි.

බොරැල්ල පොදු සුසාන භුමියේ මිහිදන්කර තිබූ ශාෆ්ටර්ගේ දේහය අධිකරණ නියෝගක් මත ඉකුත් මැයි මස 25වන දින පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් ඉදිරියේ ගොඩගනු ලැබුවා.

ඒ, එතෙක් අභිරහසක්ව පැවති ඔහුගේ මරණය සිදුව ඇති ආකාරය පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහායි.

අනතුරුව විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය හමුවේ දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදුකෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.

එම පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත රැගෙන එනු ලැබුවා.

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාරය යූ.සී.පී.පෙරේරා, කරාපිටිය රෝහලේ විශෙෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර ඇතුළු පංච පුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් හමුවේ කරාපිටිය රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව එහි පරීක්ෂණ වාර්තාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට භාරදීම සිදුකළා.

ඉන් අනතුරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව පසුගිය පළමු වනදා ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

එහිදී අනාවරණය වුණේ මෙම මරණය ගෙළ සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදුවී ඇති බවයි.

ඒ, අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත් අධිකරණය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව අධිකරණය නියෝග කළේ කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති දේහය දිනේෂ් ශාෆ්ටර්ගේ ඥාතීන් වෙත භාරදීමටයි.

ඒ, අනුව අද (04) පෙරවරුවේ ඔහුගේ ඥාතීන් පැමිණ දේහය භාරගනු ලැබුවා.

මෙම අවස්ථාවේ කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Latest

පාසල් වෑන් රථයේදී රියදුරා දැරියට අතවර කරලා

පාසල් වෑන් රථයක් තුළදී ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ...

කළුතර මහාධිකරණයෙන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊට...

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත්...

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

පාසල් වෑන් රථයේදී රියදුරා දැරියට අතවර කරලා

පාසල් වෑන් රථයක් තුළදී ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ සිසුවියක් අතවරයට ලක් කළ පාසල් වැන් රථයේ රියැදුරු සොයා පනාමුරේ පොලීසිය විසින් විමර්ශණ අරඹා තිබේ. සිය...

කළුතර මහාධිකරණයෙන් දෙදෙනෙක්ට මරණ දණ්ඩනය

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊට වරදකරු කරමින් කළුතර මහාධිකරණය ඊයේ (07) මරණ දඬුවම නියම කර තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ...

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here