27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඋපන්දිනය දා අසම සම වාර්තාව සමකළ කිං කෝලි

උපන්දිනය දා අසම සම වාර්තාව සමකළ කිං කෝලි

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සිය ජාත්‍යනතර ක්‍රිකට් දිවියේ 49 වන එක්දින ශතකය වාර්තා කිරීමට අද (05) සමත් වුණා.

ඒ, ලෝක කුසලාන තරගාවලියේ කොල්කාටා හිදී මේ වනවිට පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දීයි.

කෝලි අද දිනයේ වාර්තා කළ ශතකයත් සමඟ සචින් ටෙන්ඩුල්කාර් විසින් ජගත් එක්දින පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කරගෙන ඇති වාර්තාව සමකිරීමට ද සමත් වුණා.

289 වන ජාත්‍යනතර එක්දින තරගයට ක්‍රීඩා කරමින් කෝලි මෙම වටිනා ශතකය රැස්කළේ පන්දු 119කට මුහුණ දෙමින්.

මේ අතර මෙම සුපිරි ක්‍රීඩකයාගේ 35 වන උපන් දිනය අද දිනට යෙදී තිබීම ද විශේෂත්වයක්.

විරාට් කෝලි ජාත්‍යනතර එක්දින පිටිය තුළ තවත් එක් ශතකයක් රැස්කළ හොත් ජගත් එක්දින පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයාට හිමි වාර්තාව ඔහුගේ නම ඉදිරියේ ලියවෙනවා.