26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාස 10 තුළ ලක්ෂ 7කගේ විදුලි සැපයුම අත්හිටුවයි

මාස 10 තුළ ලක්ෂ 7කගේ විදුලි සැපයුම අත්හිටුවයි

විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ගත වූ මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් 788, 235 දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවා තිබේ. 

ආර්ථීක අර්බුදයත් සමග විදුලිය බිල් වැඩිකිරීම – බදු වැඩි කිරීම ඇතුළුව ජීවන වියදම් ඉහළ යාමත් රුපියලේ අගය පහත වැටීමත් නිසා විදුලිය බිල ගෙවීම මේ වනවිට අභියෝගයක්ව පවතියි. 

මේ වසර තුළ , මේ දක්වා තුන් වතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු කළ එවන් පසුබිමකයි.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, වැඩිම විදුලිය සැපයිම අත්හිටුවීම අගෝස්තු මාසයේ වාර්තා වන බවයි. 

එම සංඛ්‍යාව එක් ලක්ෂ 20, 474 කි.

ජුලි මාසයේ දී පමණක් පාරිභෝගිකයින් 118,481 දෙනෙකුගේ විදුලිය සැපයුම අත්හිටුවා තිබේ. 

ඔක්තෝම්බර් මාසයේ පමණක් විදුලිය සැපයුම අත්හිටුවා ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 6106 කි.