― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsක්‍රීඩා ඇමතිගේ චෝදනාවලට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් උත්තර

ක්‍රීඩා ඇමතිගේ චෝදනාවලට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් උත්තර

නොවැම්බර් මස 03 වැනි දින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිකුත් කර තිබෙනවා.

එහි සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ පවසා සිටින්නේ; ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ලෝක කුසලානයේ තරග පරාජයට පත්වීම තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතුයි’ යන මැයෙන් මාධ්‍යයට නිකුත් කර ඇති ඒකපාර්ශ්වික චෝදනාවට අදාළ ව ක්‍රිකට් තේරීම් කමිටුව වශයෙන් ඊට පිළිතුරු සැපයිය යුතු බවයි.

එනම්; වර්ෂ 1974 සැප්තැම්බර් මස 20 වැනි දින අංක 130 දරන ගැසට් නිවේදනය මගින් හා 1986 ජනවාරි මස 20 වැනි දින නිකුත් කරන ලද අංක 385/7ඒ ගැසට් නිවේදනය මත පැවරී ඇති බලතල මත පත්කොට ඇති නිල සාමාජිකත්වයක් දරන කමිටුවක් බවයි තේරීම් කමිටුව නිවේදනය කර ඇත්තේ.

එවන් සාමාජිකත්වයක නිල ක්‍රියා පිළිවෙත පිළිබඳ ව අප්‍රසාදයක් හෝ විවේචනයක් වේ’ නම්; එය යොමු කළ යුත්තේ නෛතික හා වෘත්තීමය ක්‍රමවේදයන් යටතේ බවට ක්‍රීඩා අමාත්‍යවරයා නොදැන සිටීම සිය කමිටුවේ පුදුමයට කරුණක් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.

එකී සියලු ශීලාචාර ක්‍රමවේදයන් පවතිද්දී මාධ්‍ය හමුවේ තේරීම් කමිටුවට එරෙහිව ඒකපාර්ශ්වික චෝදනාවක් එල්ල කර, ඒ මත මහජන මතයක් ගොඩනැගීමට කටයුතු කිරීම ගැන දැඩි කනස්සල්ලක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

මෙම චෝදනාව හුදු තවත් ජනප්‍රිය දේශපාලනික හැසිරීමක් මිස කිසිසේත්ම වෘත්තීයභාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව එල්ල කරන ලද චෝදනාවක් නොවන බවට තම කමිටුව විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ ලිපියෙහි සඳහන්.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අමාත්‍ය රොෂාන් රණසිංහගේ අණ ප්‍රකාර ව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙහි ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළ ව සඳහන් කර ඇති කරුණු අසත්‍ය හා අර්ධ සත්‍යයන් මත ගොඩනැගූ අවිද්‍යාත්මක තර්කනයන් සහිත අභූත චෝදනාවන්ගෙන් සමන්විත බව ද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වනවා.