30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකැන්ගරුවන්ට ලකුණු 292ක ඉලක්කයක්

කැන්ගරුවන්ට ලකුණු 292ක ඉලක්කයක්

ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයෙන් ලකුණු 292ක ඉලක්කයක් හිමිවුණා.

දෙරට අතර අද තරගය පස්වරු 02ට ආරම්භ වූයේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී යි.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගන් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තා.

හැඩකාර ඉනිමක් ක්‍රීඩා කරමින් ඊබ්‍රහීම් සද්‍රාන් නොදැවී ලකුණු 129ක් රැස් කළා.

ඒ පන්දු 143කටයි.

ඊට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 08ක් ඇතුළත්.

රාහ්මත් ෂා ලකුණු 30ක් ද, ෂහිඩි ලකුණු 26ක් ද, ගුර්බාස් ලකුණු 21ක් ද ලබාගත්තා.

රෂීඩ් ඛාන් නොදැවී පන්දු 18කට වේගවත් ලකුණු 35 ක් එක් කළා.

ඒ දැවැන්ත හයේ පහර 03කින් සහ හතරේ පහර 02ක් ද සමගින්.

කඩුලු බිඳ හෙලීමේ දී හේසල්වුඩ් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

මැක්ස්වෙල්, ස්ටාක් සහ සම්පා එක් කඩුල්ලක් තමන් නමින් ලියා ගත්තා.

තරගය ජය ගැනීමට නම් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 292ක් ලබාගත යුතු වන්නේ පන්දු 300ක් තුළ දියි