28.9 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශපාලන ලොක්කෙකුගේ සොහොයුරෙක් පොලිස් අත්අඩංගුවට

දේශපාලන ලොක්කෙකුගේ සොහොයුරෙක් පොලිස් අත්අඩංගුවට

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ සොහොයුරෙකු තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග ඊයේ (07) ඔහුව අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට පොලිසිය සඳහන් කළ බවයි.

ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් වස්කඩුව ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේ දී තීරුබදු රහිත ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 200ක් පමණ සොයාගෙන තිබෙනවා.

සැකකරු වරාය අධිකාරීයේ සේවය කරන අයෙකු බවත්, වරායෙන් පැන්න වූ දුම්වැටි ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද වාර්තාවනවා.

සැකකරු පොලිස් ඇප මත බේරාගැනීම සඳහා කළුතර දේශපාලකයන් කිහිපදෙනෙකු උත්සාහ ගනිමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනු ඇති.