33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුදුමාතලන් මුහුදු තීරයෙන් ගංජා තොගයක් හමුවෙයි

පුදුමාතලන් මුහුදු තීරයෙන් ගංජා තොගයක් හමුවෙයි

පුදුමාතලන් මුහුදු තීරයේ තිබී මුලතිව් පොලිසිය විසින් ගංජා තොගයක් සොයාගෙන තිබේ.

අද (07) පෙරවරු 6.30 ට මුලතිව් පොලිස් වසමට අයත් පුදුමාතලන් වෙරළ තීරයේ තිබී ඇසුරුම් සොයාගත් බවට යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත එම වෙරළට ගිය සෙබළුන් විසින් ගංජා අසුරණ සොයා ගෙන ඇත.

යුද හමුදාව විසින් මේ පිළිබඳව මුලතිව් පොලිසියට දැනුම් දී ඇති අතර පොලිසිය එම ස්ථානයට ගොස් එම වෙරළ තීරයේ ගොඩ ගසා තිබූ ගංජා පැකට් කිලෝග්‍රෑම් 22ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට ගංජා ඇසුරුම් 11ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙරළ ප්‍රදේශය පුරා තවදුරටත් පාර්සල් පරීක්ෂාවට ලක් කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණවලින් අනතුරුව ගංජා පැකට් තොගය අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.