― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅඹ ගසකින් වැටී අයෙක් ජීවිතක්ෂයට

අඹ ගසකින් වැටී අයෙක් ජීවිතක්ෂයට

අඹ ගසක අත්තක් කැපීමට ගොස්, එම ගසෙන් බිමට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ හිඟුරක්ගොඩ – රජඇළ hp15 ප්‍රදේශයේයි.

වයස අවුරුදු 52ක් වූ කේ. ආර්. සරත් ධර්මප්‍රිය තිලකරත්න නමැති පුද්ගලයා අද උදෑසන 9ට පමණ ඔහුගේ අසල්වැසි මිත්‍රයෙකුගේ ඉල්ලීමකට අනුව එම නිවසේ අඹ ගසක අත්තක් බිමට කපා දැමීමට ගසට නැගී අවස්ථාවේදී යි එම ගසෙන් අඩි 15ක පමණ තරම් බිමකට ඇද වැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.

මියගිය පුද්ගලයා අවිවාහකයෙකු වන අතර ඔහුගේ මෘත ශරීරය හිඟුරක්ගොඩ රෝහලේ තබා තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ කටයුතු හිඟුරක්ගොඩ පොලීසිය මගින් සිදු කරනවා.