27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකේරළ ගංජා සමඟ සිසුවෙක් අත්අඩංගුවට

කේරළ ගංජා සමඟ සිසුවෙක් අත්අඩංගුවට

වවුනියාවේ සිට යාපනයට යතුරු පැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පාසල් සිසුවෙක් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයෙකු යාපනයට කේරළ ගංජා රැගෙන එන බවට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි ඔහු අලිමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙම සිසුවා සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 400ක් සොයාගත් බවයි.

මෙම ශිෂ්‍යයා සමඟ තවත් අයෙකු යතුරුපැදියේ නැගී ගොස් ඇති බවත් ඔහු අතරමගදී ඉන් බැස ගොස් ඇති බවත් පොලිසිය පවසනවා.