33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවලවේ ගඟ පිටාර ගලයි

වලවේ ගඟ පිටාර ගලයි

මේ දිනවල නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වලවේ ගඟ පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා.

වලවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට බලංගොඩ – වතුකාරකන්ද ප්‍රධාන බස් මාර්ගය මුළුමනින්ම යට වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් පැය 03කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇනහිට තිබෙනවා. මෙම මාර්ගයේ වලේබොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති පාලම ද සම්පූර්ණයෙන්ම ජලය හේතුවෙන් යට වී තිබුණු අයුරුයි ප්‍රාදේශීය වාර්තාකරු අප වෙත එවා තිබූ දර්ශනවල දැකිය හැකි වන්නේ.

පාලමට ඉහළින් අඩි 10කට වැඩි ජල ප්‍රමාණයක් තිබීම හේතුවෙනුයි එම මාර්ගයෙන්ද වාහන ගමනාගමන කටයුතු ඇනහිට ඇත්තේ.