― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsබලංගොඩ නායයෑමෙන් අතුරුදන් සිව්දෙනා සොයා මෙහෙයුම්

බලංගොඩ නායයෑමෙන් අතුරුදන් සිව්දෙනා සොයා මෙහෙයුම්

බලංගොඩ, ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ නාය යෑමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව්දෙනා සොයා මේ වනවිටත් මෙහෙයුම් සිදුකරනු ලබයි.

අප වාර්තාකරු පැවසුවේ බලංගොඩ සහ ඕපනායක පොලිස් ස්ථානවල නිලධාරීන්, හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම මෙහෙයුම් සිදුකරනු ලබන බවයි.

ඊයේ (12) රාත්‍රී 7.30ට පමණ මෙම නාය යාම සිදුව ඇති අතර, මෙහිදී අතුරුදන්ව ඇත්තේ එකම පවුලේ මව පියා සහ දියණියන් දෙදෙනා බවයි වාර්තා වුණේ.

දියණියන් දෙදෙනා වයස අවුරුදු 11 සහ 15 යන වයස්වල පසු වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ (12) රාත්‍රී එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදී නිවාස තුනකට හානි සිදුව තිබෙනවා.

නායයාමට ලක් වූ ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර අවට තවත් නිවාස කිහිපයක සිටි පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමටද ඊයේ රාත්‍රියේම කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.