26.1 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගව සොරකමේ ගිය නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට

ගව සොරකමේ ගිය නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට

මුන්දලම පොලිසිය විසින් ගව සොරකමේ යෙදුණු බවට සැකපිට නාවික හමුදා සෙබළෙක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම, බත්තුළුඔය,මරියවිලා වත්ත ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොහු යාපනය – කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බවයි වාර්තා වන්නේ.

‘සහරා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිසියට ලැබී තිබූ පැමිණිළි කීපයක් සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.