27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් ගුරුවරයෙක් සිසුවියන්ට අසභ්‍ය පණිවුඩ යවලා

පාසල් ගුරුවරයෙක් සිසුවියන්ට අසභ්‍ය පණිවුඩ යවලා

පාසල් ගුරුවරයෙකු තම ශිෂ්‍යාවන්ට ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවුඩ යවමින් ඔවුන්ව ලිංගික ක්‍රියාකාරකම්වලට පොළඹවා ගැනීමට උත්සාහ දැරීමේ පුවතක් මුලතිව්, තුනුකායි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගුරුවරයා විසින් අසභ්‍ය පණුවුඩ යැවූ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් මේ පිළිබඳව ඊයේ (15) විදුහල්පතිවරයා දැනුවත් කර තිබෙනවා.

එහිදී විදුහල්පතිවරයා දැරියන්ගේ දෙමව්පියන්ට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් පළාතේ ඉහළ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කොට ඉතා ඉක්මනින් විසඳුමක් ලබා දෙන බවයි.

ගුරුවරයා ජංගම දුරකථන මඟින් ඉගැන්වීම සිදු කළ කාලවකවානුවේදී මේ ක්‍රියාව ආරම්භ කර ඇති අතර ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගී වන ශිෂ්‍යාවන්ට අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් කරන බවයි දෙමව්පියන් විදුහල්පතිවරයා හමුවේ පවසා ඇත්තේ.