― political ―

රනිල් නත්තල් සීයා වගේ පොරොන්දු දිදී යනවා – තිස්ස

මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ නත්තල් සීයා වගේ එක එක දේවල් දෙනවා කියා පොරොන්දු දිදී යන බවත් සමගි...
HomeHot Newsරාජ්‍ය ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

රාජ්‍ය ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 08 තුළ රජයේ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන දත්ත්ව පෙන්වා දෙයි.

අලුතින් පනවනු ලැබූ බදු මෙලෙස රාජ්‍ය ආදායම ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.

පසුගිය ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා මාස අටක කාලය තුළ රජය ආදායම ලෙස රුපියල් බිලියන 1,826.62 ක් පමණ උපයා ඇත.

පසුගිය වසරේ එම කාලය තුළ රජය උපයා ඇති මුදල රුපියල් බිලියන 1,272.78 කි.

එමෙන්ම එම කාලය තුළ බදු මගින් උපයාගත් ආදායම රුපියල් බිලියන 1,661.15ක් වන අතර එය පසුගිය වසරට වඩා සියයට 47.8ක වැඩිවීමකි.