28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජේ. ශ්‍රී රංගාට ඇප

ජේ. ශ්‍රී රංගාට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට වවුනියාව මහාධිකරණය අද (24) ඇප නියම කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය මාර්තු මාසයේදී වවුනියාව මහාධිකරණය පොලිස් විමර්ශන ඒකකයට නියෝග කළා.

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළ නඩුවක සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජේ. ශ්‍රී රංගා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වවුනියාව මහාධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු මාස 8ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම නඩුව අද යළි වවුනියාව මහාධිකරණයේදී කැඳවනු ලැබූ අතර මහාධිකරණ විනිසුරුවරයා විසින් ඔහුට ඇප නියම කරන ලදී.