― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංගම ඩිපෝවෙන් ඩීසල් සොරාගත් කම්කරුවා අත්අඩංගුවට

ලංගම ඩිපෝවෙන් ඩීසල් සොරාගත් කම්කරුවා අත්අඩංගුවට

ඩීසල් ලීටර් 03ක් සොරකම් කළ බව කියන ලංකා ගමනාගමන මණ්ඩලයේ කුලියාපිටිය ඩිපෝවේ කම්කරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය පොලීසිය විසින් ඊයේ (27) මෙම කම්කරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කුලියාපිටිය ලංගම ඩිපෝවේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.