28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිපැන්නේ 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

වැලිපැන්නේ 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

වැලිපැන්නේ පදිංචි 24 හැවිරිදි තරුණියක් අතුරුදන්ව තිබෙනවා.

වැලිපැන්න පොලිසිය පැවසුවේ පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වනවිට ඇය සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වැලිපැන්න පොලිස් වසමේ හිජ්රා මාවතේ මෙම තරුණිය ජීවත්ව ඇති අතර ඇයගේ පියා විසිනුයි මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති තරුණියක්. ඊයේ (27) රාත්‍රියේ සිට මෙම තරුණිය අතුරුදන් බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බවත්, ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

අතුරුදන් වූ තරුණියගේ බවට හඳුනාගත් සෙරෙප්පුවක් ද නිවස ආසන්නයේ පිහිටි වැලිපැන්න ඇළ ඉවුරේ තිබී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.