26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිවේගයේ ගමන් යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

අධිවේගයේ ගමන් යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි.

රථවාහන පොලීසිය පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස ඉඩ පරතරයක් තබාගෙන රිය ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.

අඳුරු ආලෝකයක් පවතින බැවින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී රථ රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

මේ බව දැනුම්දෙමින් අධිවේගී මාර්ගවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ.