― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන්තොටේදී ගිනිඅවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගුවන්තොටේදී ගිනිඅවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සඟවා ගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු අද (07) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තුර්කිය වෙත යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකි.

59 හැවිරිදි මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද (07) අලුයම 05.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙන තිබේ.

මොහු අද (07) උදෑසන 08.15 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත යාමට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 731 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා පැමිණ තිබුණි.

ගිනි අවි හෝ ඊට සමාන හැඩහුරුකම් ඇති දෑ හෝ ගිනි අවිවල අනුරූ ගුවන් මගින් ගෙන යාම සපුරා තහනම් වන අතර එසේ විශේෂ අවශ්‍යතා සදහා රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යානුකූල අවසරය ලබා ගත යුතු වනවා.

මෙසේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ගිනි අවිය නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.