27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැරෙල්ලා ඩිස්කවරි නෞකාව කොළඹ වරායට

මැරෙල්ලා ඩිස්කවරි නෞකාව කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන මැරෙල්ලා ඩිස්කවරි 2 නෞකාව අද (07) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

බහමාස් ධජය යටතේ ඉන්දියාවේ සිට මෙම නෞකාව පැමිණ ඇත්තේ මගීන් 1,274 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 718 දෙනෙකුද සමඟයි.

මින් වැඩි පිරිසක් ජර්මන් සහ ඉතාලි ජාතිකයින් වන අතර මෙලෙස දිවයිනට පැමිණි සංචාරකයින් කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

දිගින් මීටර 264කින් යුත් මෙම නෞකාව 1994 වසරේ සැප්තැම්බර් මාසයේදී සිය මගී ප්‍රවාහන කටයුතු අරඹා ඇත.

මෙම නෞකාව හෙට (08) රාත්‍රියේ මලයාසියාව බලා පිටත්ව යාමට නියමිතය.