― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවුන් දරුවන් බාරගන්න මව බෑ කියයි - කාන්තාවන් තිදෙනාටත් ඇප

නිවුන් දරුවන් බාරගන්න මව බෑ කියයි – කාන්තාවන් තිදෙනාටත් ඇප

දින 07ක් වයසැති නිවුන් බිළිඳුන් දෙදෙනෙක් මුදලට අලෙවි කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කාන්තාවන් තිදෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අදාළ සැකකාරියන් තිදෙනා අද (08) දිනයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටයි මෙහිදී අධිකරණය නියෝග කළේ.

සතියක් වයස නිවුන් බිළිඳුන් දෙදෙනෙකු මුදලට අලෙවිකළ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ බිළිඳුන් දෙදෙනාගේ මව සහ එම බිළිඳුන් දෙදෙනා මිල දී ගත් බව කියන රාගම සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනා රාගම පොලිසිය මඟින් ඊයේ (07) අත්අඩංගුවට ගැනුණා.

එහිදී ඔවුන්ව ඊයේ (07) දිනයේ දීම වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කළේ අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

ඒ අනුවයි සැකකාරියන් තිදෙනා අද (08) යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේ. මෙහිදී අධිකරණය බිළිඳුන් දෙදෙනා පරිවාස භාරයට පත් කරනු ලැබූ අතර මෙම නඩුව ලබන ජනවාරි 12 වනදා කැඳවන බව දැනුම් දුන්නා.

මේ අතර බිළිඳුන් දෙදෙනා භාරගැනීමට 29 හැවිරිදි මව ප්‍රතික්‍ෂ්ප කර ඇති බවයි වාර්තා වුණේ. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි එම මව පසුගියදා කොළඹ කාසල් රෝහලේ දී මෙම නිවුන් දරුවන් බිහිකර තිබුණා.