31.1 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් අතුරු කමිටුව ගැන හරීන්ගෙන් තීරණයක්

ක්‍රිකට් අතුරු කමිටුව ගැන හරීන්ගෙන් තීරණයක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.