26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News14 වැනිදා දර්ශනීය උල්කාපාත වැස්සක්

14 වැනිදා දර්ශනීය උල්කාපාත වැස්සක්

ශ්‍රී ලංකාවාසීන්ට එලැඹෙන 14 වැනිදා ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ලබන 14 වැනිදා රාත්‍රී 9.00 න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ සඳහන් කළේ.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකෙන අතර පෘථිවිය පයිතන් ග්‍රාහකයේ සුන්බුන් හරහා ගමන් කිරීමෙදී ග්‍රාහක කොටස් වායුගෝලය සමඟ ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැකගැනීමේ හැකියාව පවතී.