සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය පත්කර තිබෙනවා.
නව පත්වීම ලද සභාපතිවරයා කටුනායක ගුවන්තොටුපොළ තුළ පිහිටි කාර්යාලයේදී ඊයේ (11) වැඩ භාරගත්තා.
මෙම අවස්ථාවට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී වී සිටියා.