ගෙවීගිය මාස තුනක කාලය තුළ රුපියල් බිලියනකින් පමණ සුරා බදු ආදායමේ වර්ධනයක් ඇති වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පවතින නීති ශක්තිමත් කරමින් රිංගා යා හැකි සෑම සිදුරක්ම වසා දැමීමට රජය කටයුතු කරමින් සිටින බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.
මීට අමතරව මධ්‍යසාර නිෂ්පාදන සමාගම් වෙත යොමු කරන සුරාබදු නිලධාරීන් මාස 6කට වරක් මාරු කිරීම, ආවේශන කැමරා පද්ධති මගින් නිෂ්පාදනය ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සිදු කරන බවයි ඔහු පැවසුවේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මධ්‍යසාර බෝතල් මත අලවන ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.


