27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුතා කැපූ ගසට යට වී පියා ජීවිතක්ෂයට

පුතා කැපූ ගසට යට වී පියා ජීවිතක්ෂයට

මොනරාගල, දික්තලාව ප්‍රදේශයේදී ගසකට යට වීමෙන් පියෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තම පුත්‍රයා කපමින් සිටි ගසට යටවීමෙන් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල, දික්තලාව, නෙල්ලිකැළේ පාර පදිංචි කේ.එම් ගුණවර්ධන (75) නැමති සිව්දරු පියෙකි.

ඔහුගේ පුත්‍රයා විසින් නිවස අසළ තිබූ කොස් ගසක් කපමින් සිට ඇති අතර එලෙස කඩාවැටුණු කොස් ගසේ අත්තක් පියාගේ හිස මත වැදීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි පියා මියගොස් ඇත්තේ.