25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවස්කෝ ද ගාමා නෞකාව ත්‍රිකුණාමල වරායට

වස්කෝ ද ගාමා නෞකාව ත්‍රිකුණාමල වරායට

යුරෝපා රටවල සංචාරකයන් පිරිසක් රැගෙන ලොව වටා ගමන් කරන වස්කෝද ගාමා නමැති මගී නෞකාව ඊයේ (12) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

මගීන් 1200 රැගෙන යා හැකි මේ නෞකාවෙන් මගීන් 400 පැමිණි බවත් එම පිරිස ත්‍රිකුණාමලයේ එක් දින සංචාරක නිරත වන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල වරාය නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් පැවසීය.

පෘතුගාල ධජය යටතේ සංචාරය කරන මේ නෞකාව ත්‍රිකුණාමල සංචාරය නිමවා අනතුරුව සිංගප්පූරුව බලා යෑමට නියමිතය.