― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsHealthදියවැඩියාව සහ අධි රුධිර පීඩනය ගැන හෙළිදරවුවක්

දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ගැන හෙළිදරවුවක්

මෙරට වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15%ක් දියවැඩියාවට ගොදුරු වී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

2021-2022 වර්ෂවලදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙරට ජනගහනයෙන් 35%කට අධි රුධිර පීඩනය පවතින බවත් වාර්ෂිකව සිදු වන මරණවලින් 80% කටම හේතු වී ඇත්තේ බෝ නොවන රෝගයන් සහ එහි සංකූලතා බවටත් මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.