29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි දෙකක ගජමුතු සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

කෝටි දෙකක ගජමුතු සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් ගජමුතු 4ක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔවුන් පැමිණි කුඩා ලොරි රථයද ඊයේ (14) රාත්‍රියේ සීදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය මෙම වැටලීම සිදුකර ඇත්තේ ගජමුතු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් බවට හඟවමිනුයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉමදූව, වැලිඔය, පලුගස්වැව සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සිව්දෙනා අද (15) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.