25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියණිය අපයෝජනයට අනුබල දුන් පියෙක් අත්අඩංගුවට

දියණිය අපයෝජනයට අනුබල දුන් පියෙක් අත්අඩංගුවට

මොණරාගල ප්‍රදේශයේදී තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියකි.

පසුගිය 13 වැනිදා දැරිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත වින්දිත දැරියගේ පියා හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

2023 නොවැම්බර් 28 වැනිදායි දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ.

දැරියගේ පෙම්වතාට දැරිය රැගෙන ගොස් අඹුසැමියන් ලෙස ජීවත්වීමට දිරිගැන්වීමේ චෝදනාව මත දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපයෝජනයට ලක්වූ දැරිය සහ එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ හම්බෙගමුව පොලිසිය දැරියගේ පියා අත්අඩංගුවට ගත්තේ තම දියණිය දූෂණය කිරීමට අනුබල දීමේ චෝදනාව මතයි.