27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරේ පාසල් දින නියමයක් නොමැතිව වැසෙයි

උතුරේ පාසල් දින නියමයක් නොමැතිව වැසෙයි

අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පාසල් 29ක් අද (19) සිට වසා දමා තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 09ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 02ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 09ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් 09ක් මෙලෙස දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම දිස්ත්‍රික්කවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් ප්‍රදේශවාසීන් රජයේ පාසල් ගොඩනැගිලි කීපයක පවත්වා ගෙන යන සුබ සාධන කඳවුරුවලට යොමු කිරීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.