― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsවිදුහල්පතිවරයා පාසලේ ශ්‍රමදානයට ආ සිසුවෙක් අපයෝජනය කරලා

විදුහල්පතිවරයා පාසලේ ශ්‍රමදානයට ආ සිසුවෙක් අපයෝජනය කරලා

මන්නාරම – කරිසල් ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පිරිමි ළමයෙකු පාසලේ විදුහල්පතිවරයා විසින් පසුගිය 17 වැනිදා අපයෝජනයට ලක් කර තිබෙනවා.

17 වැනිදා පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක පවත්වා ඇති අතර එහිදීයි විදුහල්පතිවරයා විසින් මෙම සිසුවා අපයෝජනය කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවා සිය දෙමාපියන්ට දැනුම් දීමත් සමඟ දෙමාපියන් පාසල වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේදී විදුහල්පතිවරයා පාසලෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේනමුත් මෙම දෙමාපියන් ඊයේ (18) පාසල වෙත ගොස් ඇතත් විදුහල්පතිවරයා පාසල් නොපැමිණ තිබෙනවා.

එම සිසුවාගේ පවුලේ අය පැමිණිල්ලක් කිරීමට එරුක්කලම් පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී එම පොලීසියේ කාන්තා හා ළමා අපරාධ අංශයක් නොමැති බව දන්වා මන්නාරම පොලිස් ස්ථානයට යන ලෙස උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ අදාළ පොලිස් දෙපාර්තමේන්තුව කඩිනම් පියවරක් ගත යුතු බවත් වින්දිත සිසුවාට සාධාරණය ඉටු කරන ලෙසත් මහජනතාව ඉල්ලා සිටියි.